ලංකා විදුලිබල මණ්ඩලයත් සුර්ය විදුලිබල සේවා සපයන්නන්ගේ සංගමයත් අතර පැවති ගැටඵවලට විසඳුම්

Share Button

ලංකා විදුලිබල මණ්ඩලයත් සුර්ය විදුලිබල සේවා සපයන්නන්ගේ සංගමයත් අතර සාකච්ඡා සාර්ථක වු බව ඇමති රවී කරුණානායක මහතා පවසයි. ඒ අනුව පැවති ගැටඵවලට දෙපාර්ශ්වයටම ජයග්‍රහණ හිමි වන ආකාරයෙන් පොදු එකගතාවක් ඇති කර ගැනීමට හැකිවී තිබේ.

ඔහු මෙම අදහස් පළ කළේ විදුලිබල අමාත්‍යංශය . ලංකා විදුලිබල මණ්ඩලය . ශ්‍රී ලංකා සුර්යබල සේවා සපයන්නන්ගේ සංගමය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සුර්ය විදුලිබල ක්‍ෂේත්‍රයේ ගාස්තු ක්‍රමය සංශෝධනය වෙනුවෙන් පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

ගෙවුනු වසර දෙකේ දී සුර්යබල සංග්‍රාමය වඩාත් ප්‍රශස්ත මට්ටමකට පැමිණ තිබේ. එම නිසා නිවාස පියසි දස ලක්ෂයක සුර්ය විදුලිබල පද්ධති සවි කර වසර 2025 වනවිට මෙගාවොට් දහසක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම අරමුණයි.

සුර්යබල සංග්‍රාමය යටතේ පැවති විදුලිය මිලදී ගැනිමේ ගාස්තු සංශෝධනය කර ඇති බැවින් ඒ සදහා ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ක්‍රියා කරන බව ඇමතිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *