නියගයෙන් පීඩාවට පත් උතුරු කොරියාවට දකුණූ කොරියාවෙන් ආධාර
දැඩි නියගයකට මුහුණපා සිටින උතුරු කොරියාවට හදිසි සහනාධාර යැවීමට දකුණු කොරියාව තීරණය කරයි. ඒ අනුව සහල් ටොන් පනස් දහසක් ඊයේ දිනයේ පිටත්කර හැරින. ආර්ථික සම්බාධක සහ ස්වභාවික උවදුරු හේතුවෙන් උතුරු කොරියාවේ ආර්ථිකය දැඩි පරිහානියට පත්ව ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි. එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන යටතේ ද තවත් අත්‍යවශ්‍ය ආහාර තොගයක් උතුරු කොරියාවට යැවීමට තීරණය කර ඇත.