මහින්ද චීන සමාගමකින් ඩොලර් අරන්

Share Button

චීන සමාගමකින් මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ ව්‍යාපාරයට අමෙරිකානු ඩොලර් මිලියන 07 කට අධික මුදලක් ලබා ගෙන ඇති බව “ නිව්යොක් ටයිම්ස්” වාර්තා  කරයි. එම පුවත මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනයකට ලක්ව ඇත.

චීනය හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර සමීප සම්බන්ධතාවක් පැවති බවත්, 2015 ජනාධිපතිවරණය ළංවීමත් සමඟ හිටපු ජනාධිපතිගේ සමීපතම හිතවතුන් වෙත විශාල මුදල් ප්‍රමාණ තැබී ඇති බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. එම පුවත්පත් වාර්තාවේ සඳහන් පරිදි ස්ටෑන්ඩඩ් චාටඩ් සමඟ චයිනා හාබර් සමාගම පවත්වා ගෙන ගිය ගිණුම තුළින් ඩොලර් මිලියන 7.6 ක මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා වියදම් කිරීමට ඔහුගේ හිතවතුන්ට ගෙවා ඇත.

මැතිවරණයට දින දහයකට පෙර චෙක්පත් තුළින් ඩොලර් මිලියන 3.7 ක මුදලක් ගෙවා ඇති අතර ඉන් ප්‍රචාරක තොරතුරු ඇතුළත් බැනියම් මිලදී ගැනීම සඳහා ඩොලර් හයලක්ෂ හැත්තෑ අට දහසක් ද, සාරි සහ වෙනත් ත්‍යාග සඳහා තවත් ඩොලර් දෙලක්ෂ අනුහත්දහසක් ද ගෙවා තිබේ.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දැක්වු ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකට ඩොලර් 38,000 ගෙවීමක් කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම ඩොලර් මිලියන 1.7 ක් වටිනා දෙකක් අරලියගහ මන්දිරයට යවා ඇතියි ද එම වාර්තාවේ දැක්වේ.

මෙම ගෙවීම් වලින් වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත්තේ චයිනා හාබර් සමාගමට අයත් උප ගිණුමක් වන එච්.පී.ඩී.පී ෆෙස් ටු කෙටි නමින් හැඳින්වු හම්බන්තොට වරාය ව්‍යාපෘතියට අයත් ගිණුමකිනි.

https://mobile.nytimes.com/2018/06/25/world/asia/china-sri-lanka-port.html

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...