කලමැටිය ධීවර වරායේ ගින්නකින් බෝට්ටු 27 ක් විනාශට
තංගල්ල කලමැටිය ධීවර වරායේ අද අලුයම ඇතිවු ගින්න පිළිබදව පුඵල් විමර්ශන දැන් ආරම්භ කර තිබේ. ඒ පිළිබදව සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් එම ධීවර වරායට ගොස් ඇත. ගින්න ඇතිවු ආකාරය . සිදුවී ඇති හානි . පීඩාවට පත්වු ධීවර ජනතාවට ලබාදිය යුතු සහන පිළිබදව එම විමර්ශන කණ්ඩායම වාර්තාවක් ලබාදීමට නියමිතයි. දැනට ලැබී ඇති තොරතුරු අනුව බෝට්ටු 27 ක් හා ධීවර ආම්පන්න රැසක් සම්පුර්ණයෙන් විනාශ වී තිබෙ.