අකිලගෙන් ගෝඨාභයට අභියෝගයක්
අමෙරිකානු පුරවැසිභාවය අතහැරිය හැක්කේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා පමණක්දැයි තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කරන බව අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා අද (28) සිරිතොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.
අවස්ථාවාදීව ව්‍යාජ දේශප්‍රේමයක් මවාපාමින් කටයුතු නොකර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනත් රටට ආදරයක් දක්වන්නේ නම් තමන්ගේ අමෙරිකානු පුරවැසිභාවය අතහැර පෙන්වන ලෙස ඔහු මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කළේය.