මගී ප්‍රවාහන සේවයේ ගැටළු සෙවීමට සමීක්ෂණයක්

Share Button

මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාව, මගී ප්‍රවාහන සේවය තුළ පවතින ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට පියවර ගනියි. ඒ සඳහා වූ සමීක්ෂණ කටයුතු අද (28) දින සිට ආරම්භ කර ඇත. මෙහි මූලික අරමුණ වන්නේ බස් රථ, දුම්රිය, ත්‍රී රෝද රථ සේවාවන් තුළින් ජනතාව බලාපොරොත්තු වන අපේක්ෂාවන් ඉටුවේද යන්න සොයා බැලීමයි.

මේ සමීක්ෂණය ජාතික සමාජ සංවර්ධන ආයතනය මඟින් සිදු කරනු ලබයි, ඉන්පසුව ඔවුන් ඉදිරිපත් කරන නිර්දේශ ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ද ඉන් පොදු මගී ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් පවතින ගැටළු රැසක් නිරාකරණය කර ගැනීමට ද හැකියාව ලැබෙන බව මාර්ග ආරක්ෂාව පිලිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා ප්‍රකාශ කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...