පොලිස් නිලධාරියෙකුට පහර දුන් නාරම්මල ප්රාදේශිය සභා උප සභාපති රක්ෂිත බන්ධනාගාරයට
නාරම්මල පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල් වරයෙකුට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාරම්මල ප්රාදේශිය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පල මහතා ලබන මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. ඔහු අද කුලියාපිටිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ එම නියෝගය කෙරිණි. නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.