බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්ප්‍රධාන පුවත්

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

Share Button

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් ඔක්තෝබර් මස 30 වැනි දා තෙක් බලපැවැත්වෙන පරිදි තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද පනවනු ලැබීය. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සලකා බැලීමෙන් පසු බුවනෙක අලුවිහාරේ . ප්‍රසන්න ජයවර්ධන හා ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළේය… අධිකරණය හමුවේ අද ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල මුලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල ඔක්තෝබර් 29 වැනිදා සලකා බැලිමට තිරණය කළේය.
මේ අතර කිසිදු සිරකරුවෙකු ලබන 17 වැනිදා තෙක් මරණීය දණ්ඩනයට ලක් නොකරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටි.එම්. ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය . ඊට ප්‍රථම යම් සිරකරුවෙකු මරණීය දණ්ඩනයට ලක් කිරිම සදහා නියෝගයක් තමාට ලැබුනහොත් ඒ පිළිබඳ අධිකරණය දැනුවත් කරන බව ඔහු සදහන් කළේය. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තිරණය වැලැක්විමේ නියෝගයක් නිකුත් කරන ලෙස මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ගොනුකළ පෙත්සම තෙවන දිනට අද සලකා බැලු අවස්ථාවේදි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසිය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ . දිපාලි විජේසුන්දර .ජනක් ද සිල්වා. අචල වෙන්ගප්පුලි හා අර්ජුන ඕබේසේකර යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැදවනු ලැබිය. පෙත්සම විභාග කිරිමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට නිතිපතිවරයා විසින් මීට පෙර මතුකළ මුලික විරෝධතාව පිළිබඳ නියෝගය ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කරන බවත් පෙත්සම විභාගයට ගැනිම සදහා නොතිසි නිකුත් කිරිම පිළිබඳව ද එදින ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල වැඩිදුරටත් දන්වා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...