නීති විරෝධී අන්දමින් හක්බෙල්ලන් ඇල්ලු පුද්ගලයෙකු අත්අඩංගුවට
නීති විරෝධී අන්දමින් හක් බෙල්ලන් ඇල්ලු පුද්ගලයෙක් මන්නාරම ඌරුමලෙයි ප්රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවට පත්වෙයි. උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් මන්නාරම සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරින් සමග එක්ව ඊයේ සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු තලෙයිමන්නාරම ප්රදේශයේ පදිංචිකරුවෙකි. ධීවර හා ජලජ සම්පත් පනතට අනුව මිලිමිටර් 70 ට අඩු විශ්කම්භයකින් යුත් හක් බෙල්ලන් සන්තකයේ තබාගැනීම. මිලදී ගැනීම. විකිණීම සදහා ප්රදර්ශනය කිරීම. විකිණීම. ප්රවාහනය කිරීම හෝ අපනයනය මුඵමනින්ම තහනම් වෙයි. නාවික හමුදා භාරයට පත් පුද්ගලයා ඉදිරි පරීක්ෂණ සදහා මන්නාරම සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලයට භාරදෙනු ලැබීය.