තම පක්ෂයට ජනාධිපති අපේක්ෂකයන්ගේ හිගයක් නැතැයි ඇමති දයා ගමගේ මහතා කියා සිටී
එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයන්ගේ කිසිඳු හිගයක් නැතැයි අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. දැනටමත් අපේක්ෂකයන් දස දෙනෙකු පමණ සිටින බව ඔහු මහනුවර සිරිමල්වත්ත ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් පසු කිවේය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කල පසු පක්ෂයේ අපේක්ෂකයා කවුදැයි කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කරනු ඇතැයි ඔහු කියා සිටි. වෙනත් පක්ෂවලින් ඉදිරිපත් වන්නන් එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව ද ඔහු කීවේය.