බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්

ගෘහස්ථ විදුලි බිල අඩු කළ හැකි ක්‍රමවේදයක් සකස් කරන බව රවි කරුණානායක ඇමතිවරයා කියයි

Share Button

ගෘහස්ථ විදුලි බිල වැඩි කිරීම වෙනුවට අඩු කළ හැකි ක්‍රමවේදයක් ගෙනඒමට තමන් අපේක්ෂා කරන බව ඇමති රවි කරුණානායක මහතා පවසයි. පුනර්ජනනිය බලශක්ති වැඩපිළිවෙල තුළින් ඉදිරියේදී ආගමික සිද්ධස්ථාන සම්පුර්ණයෙන් විදුලි බිලෙන් නිදහස් කිරීමට පියවර ගන්නා බව හෙතෙම කියයි. පිටස්තර බලවේගවලින් මිල සුත්‍ර ඇති කර විදුලි පාරිභෝගිකයාට ගැටඵ ඇති කිරීමට තමන් කිසිවිටකත් ඉඩ නොදෙන බව ඇමතිවරයා අවධාරණය කරයි. ඇමති රවි කරුණානායක මහතා මේ බව පැවසුවේ විදුලිබල ක්‍ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...