ශ්‍රී ලංකාව සංචාරකයන් සදහා වඩාත්ම සුදුසුම රටක්
පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව කෙටි කාලයක් තුළදී සංචාරකයන්ට වඩාත් සුදුසු රටක් බවට යලි නිර්මාණයවී ඇතැයි පිලිපීනයේ රෝමානු කතෝලික රදගුරු පදවියේ බිෂොප් මයිලෝ හර්බට් වෙගාරා පියතුමා පවසයි. තමා ශ්‍රී ලංකාව පුරා සංචාරය කරන අවස්ථාවේදී රට සම්පුර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව දක්නට ලැබුනු බව පියතුමා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් පසු සදහන් කළේය. පාස්කු ප්‍රහාරයේදී මියගිය අය වෙනුවෙන් දැඩි ශෝකය ද පළ කෙරුනි.