ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණ පිළිබඳව ක්‍රිඩා අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා දැනුවත් කරයි

Share Button

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ශෂාන්ත් මනෝහර් මහතා සහ ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් නවදිල්ලියේදී ඊයේ සිදුවිය. එහිදි ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රතිසංස්කරණ පිළිබඳව අයි සී සී සභාපතිවරයා සමග ක්‍රිඩා අමාත්‍යවරයා සාකච්ඡා කළේය. ශ්‍රි ලංකා ක්‍රිකට් පරිපාලනටය අදාල කරුණු පිළිබඳව ජගත් ක්‍රිකට් කවුන්සල සභාපතිවරයා දැනුවත් කිරිමද මෙහිදි සිදුවිය.

සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය ඇමතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
හෙට කුවේට් හිදි ආරම්භ වන ආසියානු පාසල් බොක්සිං තරගාවලියට ශ්‍රි ලංකාවෙන්ද ක්‍රිඩකයන් හයදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වේ. මෙරට පාසල් ක්‍රිඩකයින්ට සිය දක්ෂතා වැඩි දියුණු කර ගැනිමට තරගාවලිය ඉවහල් වන බව ශ්‍රි ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා පවසයි. ආසියාතික රටවල් 22 ක් නියෝජනය කරමින් පාසල් බොක්සිං ක්‍රිඩකයෝ් 160 ක් මෙම ආසියානු පාසල් බොක්සිං තරගාවලියට සහභාගි වෙති

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...