මහනුවර දිස්ත්‍රික්කයේ උපාධිධාරී අභ්‍යාසලාභීන් 680 කට පත්වීම්

Share Button

මහනුවර දිස්ත්‍රික්කයේ උපාධිධාරී අභ්‍යාසලාභීන් 680 කට පත්වීම් ලිපි ප්‍රදානය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී හෙට සිදු කෙරේ. උපාධිධාරී අභ්‍යාසලාභින් දාසයදහසක් අටසියය දෙනෙකු වසරක පුහුණු කාලයක් සදහා රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩසටහන යටතේ මෙම පත්වීම් ලිපි පිරිනැමේ. ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 කින් තෝරා ගත් උපාධිධාරී අභ්‍යාසලාභීන්ට පත්වීම් පිරිනැමීමට නියමිත බව මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...