පිටකොටුව මැනිං වෙලෙදපොල පෑලියගොඩට – හිස්වන භුමියේ බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයක්
කොළඹ මැනිං වෙලෙදපොල පෑලියගොඩ අක්කර 25 ක භුමි ප්‍රදේශයක ස්ථාපිත කිරීමෙන් පසු හිස්වන භුමියේ බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකරන බව ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි. ප්‍රංශ රජයේ ආධාර ඒ සදහා ලබා ගැනේ. ඇමති පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ ජල ගැලීම් පාලනය සදහා ඉදිවන ශාන්ත සෙබස්තියන් දකුණු පොම්පාගාරයේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයට අද පෙරවරුවේ එක් වෙමිනි. මෙය ජල ගැලීම් පාලනය සදහා ඉදිවන තුන්වැනි පොම්පාගාරයයි. මෙම පොම්පාගාරයෙන් ජලය පොම්ප කිරීම තත්පරයකට ඝණ මීටර් 5 ක ධාරිතාවකින් යුතු පොම්ප 2 කින් ස්වයංක්‍රීයව සිදු කෙරේ. එමගින් කොළඹ අධික වර්ෂාව සමග සිදු වන ජල ගැලීම් තත්ත්ව පාලනය කිරිීමට හැකිවනු ඇත. මේ සදහා ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 1579 කි. අඹතලේ සහ නාගලගන්වීදිය යන ස්ථානවලද තවත් පොම්පාගාර 2 ක් දැනටමත් ඉදිකර ඇත. කොළඹ අගනගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ සමස්ත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 321 කි. ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 213 ක් ලෝක බැංකුව ද ඉතිරි ඇමරිකානු ඩොලර් මිලියන 108 ශ්‍රීී ලංකා රජය මගින් ද ආයෝජනය කර ඇත.
මෙම අවස්ථාවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා මෙම වැඩසටහනින් මැදකොළඹ සහ උතුරු කොළඹ ජනතාවට සෙත සැලසෙන බව කීවේය. මෙම අවස්ථාවට ලෝක බැංකුවේ ශ්‍රී ලංකා හා මාලදිවයින් අධ්‍යක්ෂ අයිඩා ඉසෙඩ් රෙඩිගෝ මහත්මිය ද සහභාගි වුවාය.