බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ශ්‍රි ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව අගමැති කියයි

Share Button

රජයේ නව විදේශ ප්‍රතිපත්තිය මගින් ගෝලිය වශයෙන් ඉන්දිය සාගර කලාපයේ වැදගත් ස්ථානයකට පත්විමට ශ්‍රි ලංකාවට හැකිවු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජිනීවා ගැටඑව ද ඉතා සාමකාමීව විසඳා ගැනිමට රජයට හැකිවිය. යුරෝපා සංගමය සමග පැවති සාකච්ඡාවල ප්‍රතිඵල වශයෙන් ජී එස් පී බදු සහනය යළි ලබාගැනීමට හැකිවු බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඊයේ පැවති බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනයේ 23 වැනි සහතික පත් ප්‍රදානෝත්සවයට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කලේය. විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි මෙන්ම රටේ සංවර්ධන කාර්යයේදී යටිතල පහසුකම් දියුණු කිරිම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු ඇති බව ඔහු එහිදී පැවසීය. වරායන් දෙකක් සහ ගුවන් තොටුපල දෙකක් සම්බන්ධ කෙරෙන පරිදි ඉදිවන නුවර හම්බන්තොට අධිවේගී මාර්ගය අධිවේගී මාර්ග පද්ධතියට එක් කෙරේ. කුරුණෑගල. දඹුල්ල සහ දඹුල්ල ත්‍රිකුණාමලය වශයෙන් තවත් අධිවේගී මාර්ගයක් කුරුණෑගල සිට ත්‍රිකුණාමලය දක්වා ඉදිකිරීමට නියමිතයි. ශ්‍රි ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවද වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කලේය.
රාජ්‍ය තාන්ත්‍රික සහ ලෝක සබදතා පිළිබඳ ඩිප්ලෝමා සහ පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 191 දෙනෙක් මෙහිදී සිය සහතික පත් ලබාගත්හ. අමාත්‍ය තිලක් මාරපන මහතා ද සභාව ඇමතීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...