ඉදිරි දින කිහිපයේත් වැසි. – නායයාම් අනතුරු ඇගවීම් නිවේදන දිර්ග කරයි
ඉදිරි පැය කිහිපය තුළ දිවයනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමිටර් සියය ඉක්මවු වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ප්‍රදේශවලට තද සුළං ද ඇතිවිය හැකිය. දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදන තවදුරටත් දිර්ග කර තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව නායයාම් තත්ත්වයන් පිලීබඳව වැඩි අවධානයෙන් පසුවිය යුතුය. ප්‍රදේශ රැසකට ඊයේ ඇදහැඵනු දැඩි වර්ෂාපතනයත් සමග පහත්බිම් රැසක් තවමත් ජලයෙන් යටවී තිබේ. මේ අතර පවතින ඔනෑම ආපදා තත්ත්වයක් පිලීබඳව 117 ක්‍ෂණික දුරකථන අංකය අමතා වහාම දැනුම් දෙන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.