ගෝඨාභය රාජපක්ෂ මහතා කොටුගොඩ ධම්මාවාස නායක හිමිගෙන් ආශිර්වාද ලබා ගනි
මේ අතර ශ්‍රි ලංකා පොදු ජනපෙරමුණ ප්‍රධාන සංධානයේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහ නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගනිති. රටේ ජනතාව අද වඩාත් ඕනෑකමින් අපේක්ෂා කරන්නේ ක්‍රමවත්ව විනයක් සහ නිසි පරිපාලනයක් සහිතව දක්ෂ ලෙස රට සංවර්ධනය කරගැනීම බව මෙහිදි අනුශාසනාවක් කළ පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ පැවසුහ.