ඉන්දියාව සහ පකිස්ථානය සමග උසස් මිත්‍රත්වයක් ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි

Share Button

තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමට ශ්‍රි ලංකාවට සහාය දක්වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රි ලංකා නියෝජිත රොබට් ජුකාම් මහතා පවසයි. ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද හමුවු අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කලේය. එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනෙන් දැනට මෙරටේ ක්‍රියාත්මක වන වැඩසටහන් සම්බන්ධයෙන් නියෝජිතවරයා මෙහිදී ජනාධිපතිතුමා දැනුමත් කලේය. ශ්‍රි ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවන්ට අනුකූලව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනිම සඳහා සහාය දක්වන බවට ඔහු ජනාධිපතිතුමාට සහතික විය.
මේ අතර පකිස්ථාන මහ කොමසාරිස්වරයා පසුගිය 20 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවීම පිළිබඳ සිය කාර්යාලය මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට ජනාධිපති මාධ්‍ය අංශයේ අවධානය යොමුවී තිබේ. ඒ අනුව පකිස්ථාන මහකොමසාරින්වරයාගේ ඉල්ලීම මත මෙම හමුව සිදුවී ඇත. ඉන්දිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති අවලංගු කිරීම පිළිබඳ මෑත කාලීන ප්‍රවනතා සම්බන්ධයෙන් ඔහු ජනාධිපතිතුමා දැනුවත්කර තිබේ. ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල් දෙකම ශ්‍රි ලංකාව සමග ඉතා උසස් මිත්‍රතත්වයක් පවත්වන බව එහිදී අදහස් දැක්වු ජනාධිපතිතුමා සඳහන් කර ඇත. කලාපීය සහයෝගිතාව හා මිත්‍රතත්වය වර්ධනය කරගැනිම සඳහා වන ශ්‍රි ලංකාවේ ස්ථාවරය මත පදනම්ව මෙම සාකච්ඡාව සිදුවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...