ජනවාර්ගික භේදයකින් තොරව සමස්ථ ශ්‍රී ලාංකිකයින් ආරක්ෂා කිරීමට බැදී සිටින බව යුධ හමුදාපතිවරයා පවසයි
ජනවාර්ගික භේදයකින් තොරව සමස්ථ ශ්‍රී ලාංකිකයින් ආරක්ෂා කිරීමට බැදී සිටින බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දුන් යුධ හමුදාපතිවරයා පැවසුවේ තමා රටේ එක් ජන වර්ගයක පමණක් යුධ හමුදාපතිවරයා නොවන බවයි. බුද්ධි අංශ ශක්තිමත් කිරීම කාලීන අවශ්‍යතාවයකි. යුධ හමුදාව මෙරට ස්ථානගත විය යුතු ආකාරය සම්බන්ධයෙන් පුඵල්ම දැනුමක් ඇත්තේ ත්‍රිවිධ හමුදාවට බවද මෙහිදී යුධ හමුදාපතිවරයා අවධාරණය කළේය.