ඩෝරියන් සුළි කුණාටුව අද දිනය තුළ බහමාස් දේශයට ලගාවනු ඇති බව අමෙරිකානු සුළි කුණාටු මධ්‍යස්ථානය පවසයි

Share Button

ඩෝරියන් සුළි කුණාටුව අද දිනය තුළ බහමාස් දේශයට ලගාවනු ඇති බව අමෙරිකානු සුළි කුණාටු මධ්‍යස්ථානය පවසයි. සුළගේ වේගය පැයට කිලෝමිටර් 145 ක් ඉක්මවිය හැකිය. මේ වනවිට බහමාස් දේශයේ ප්‍රධාන ගුවන් තොටුපොල හැර සියඵම ගුවන් තොටුපොල තාවකාලිකව වසා දමා තිබේ. ජනතාව ආරක්‍ෂක ස්ථාන කරා රැගෙන යමින් සිටින බව එරට රජය නිවේදනය කරයි. සුළි කුණාටුවෙන් අග්නිදිග අමෙරිකානු ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල විය හැකිය. වහාම ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස එරට රජය විදෙස් සංචාරකයන්ටද දැනුම් දී තිබේ.
……….
ඉන්දීය ආර්ථිකය දැඩි බිදවැටීමකට ලක්ව ඇති බව එරට හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා පවසයි. මෝදී රජය විසින් ගෙන යන සර්වකාලීන ණය කළමනාකරණයේ පවතින දුර්වලතා ඊට හේතුව බව ඔහු පෙන්වා දෙයි. ඉකුත් කාර්තුවේ දලදේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 5 දක්වා පහල බැස තිබේ. නිෂ්පාදන අංශයේ වර්ධනය සියයට බින්දුවයි දශම හයක් ලෙස වාර්තාවීම කණගාටුවට කරුණක් බව හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියයි.
…………
ඇමේසන් වනාන්තරයේ හටගත් ලැව්ගිණි තවදුරටත් පැතිර යමින් පවතින බව වාර්තාවෙයි. බ්‍රසීලයේ ජාතික අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය පැවසුවේ ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ අමේසන් වනයේ ලැව්ගිණි සියයට 76 කින් ඉහළ ගොස් ඇති බවයි. ගින්න පාලනය සදහා බ්‍රසීල රජය. ආරක්‍ෂක අංශ සාමාජිකයන් හතලිස් දහසක් යොදවා තිබේ. අමෙරිකාව. ඉන්දියාව ඇතුඵ රටවල් රැසක සහාය ඊට හිමිව තිබේ.
………..

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...