හොරොව්පතානේදි රෝගීන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය පිලිබදව විමර්ශන ඇරඹෙයි
හොරොව්පතාන රුවන්වැලි මධ්‍ය මහ විද්‍යාලිය ක්‍රිඩාංගනයේදි පැවැති විශ්ව බලයෙන් රෝග සුවකරන බව කියන පුද්ගලයෙකුගේ වැඩසටහනකට සහභාගී වු රෝගීන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය පිලිබදව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ඇරඹෙයි එම වැඩසටහන මෙහෙයවු පුද්ගලයාගෙන් ද පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. මරණයට පත්වු දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව ලැබුණු පසු ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මුලස්ථානය කියයි.
පසුගිය සෙනසුරාදා පැවැති මෙම වැඩසටහනට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අසාධ්‍ය රෝගින් හා විවිධ රෝගාබාධ වලට ලක්වු පිරිස් තම භාරකරුවන් සමග පැමිණ සිටියහ. ඒ අතරින් අසාධ්‍ය රෝගිහු දෙදෙනෙක් හොරොව්පතාන රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගියහ. ඔවුහු කලුතර හා ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. අනුරාධපුර රෝහලට තවත් 9 දෙනෙකු ද හොරොව්පතාන රෝහලට තවත් 9 දෙනෙකු ද ඇතුලත් කර තිබේ.