පාසල් ගොඩනැගිලි 500 ක් අගමැති ප්‍රධානත්වයෙන් අද සිසු අයිතියට
අධ්‍යාපන අමාත්‍යංශයේ ළගම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඉදිකෙරුනු පාසල් ගොඩනැගිලි 500 ක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිසු අයිතියට පැවරේ. ඒ සදහා සිදු කර ඇති මුල්‍ය ආයෝජනය රුපියල් කෝටි දහසකි. සමාරම්භක උත්සවය ලෙස කහතුඩුව වෙනිවැල්කොල ශිෂ්යාදාන අධ්‍යාපන ආයතනය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පැවරේ. ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 36 කි. පහසුකම් සපිරි පාසල් පද්ධතියක් දැයේ දරුවන්ට ලබා දෙමින් ග්‍රාමීය පාසල් අංගසම්පුර්ණ පහසුකම් සහිතව සංවර්ධනය කිරිම සදහා 2016 දී ළගම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන ආරම්භ කෙරිණි. දිවයින පුරා පාසල් 9064 ක ව්‍යාපෘති දහඅට දහසක් ඒ යටතේ ක්‍රියාත්මක කෙරේ. සමස්ත මුල්‍ය ආයෝජනය රුපියල් කෝටි 6500 කි.