ශ්රි ලංකා හමුදාව සාම සාධක කටයුතු සඳහා යෙදවීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය යළි සලකා බලන්නැයි ශ්රි ලංකා විදේශ ලේකම් ජගත් සංවිධානයෙන් ඉල්ලීමක් කරයි
ශ්රි ලංකා හමුදාව එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරි සඳහා යෙදවීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය යළි සලකා බලන්නැයි විදේශ ලේකම් රවිනාත ආර්යසිංහ මහතා ජගත් සංවිධානයෙන් ඉල්ලීමක් කරයි. නිවේයෝර්ක් හී පැවැත්වෙන 74 වන ජගත් මහා මණ්ඩල සැසියට සහභාගිවීම සඳහා දැන් අමෙරිකාවට ගොස් සිටින විදේශ ලේකම්වරයා එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් පිළිබඳ ලේකම් ජීන් පියරේ මහතා සමග සාකච්ඡා කලේය