ජනපතිධූර අපේක්ෂකවරුන් සිව් දෙනෙකුට විශේෂ ආරක්ෂාව
ජනාධිපතිධූර අපේක්ෂකවරුන් සිව්දෙනෙකුට විශේෂ ආරක්ෂාව සැලසීමට පියවර ගෙන ඇතැයි නීතිය සාමය පිළිබඳ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. සජිත් ප්‍රේමදාස. අනුර කුමාර දිසානායක. ගෝඨාභය රාජපක්ෂ සහ මහේෂ් සේනානායක යන මහත්වරු මෙම සිව්දෙනා වෙති. පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව පොලිස්පතිවරයා අදාල අපේක්ෂකයන් සඳහා නව ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරින් පත්කොට ඇත.