නිව්යෝර්ක් ටයිම් පුවත්පත

Share Button

රාජ්‍යක් පාලනය කරන හතරවන ආණ්ඩුව ජන මාධ්‍ය බව ජන මාධ්‍ය විචාරකයන් පෙන්වා දී තිබේ. ඒ අනුව විශ්වසනීයත්වය සුරුකෙන පරිදි කටයුතු කිරීම සෑම ජන මාධ්‍ය ආයතනයකටම පැවරෙන වගකීමකි.

The New York Times පුවත්පත දැඩි ආයතනික නීති සංග්‍රහයක් යටතේ ක්‍රියාත්මක වන ලොව ප්‍රමුඛ පෙළේ විශිෂ්ට ආයතනයකි.
මාධ්‍යවේදියකු හා දේශපාලඥයකු වන හෙන්රි ජාවිස් රේමන්ඩ් (Henry Jarvis Raymond) සහ හිටපු බැංකු නිලධාරියකු වන ජෝර්ජ් ජෝනස් (George Jones) යන දෙදෙනා විසින් 1851 සැප්තැම්බර් මස 18 වන දින The New York Daily Time නමින් පුවත්පතක් ආරම්භ කරනු ලැබීය.

1857 සැප්තැම්බර් මස 14 වන දින එහි නාමය The New York Time ලෙස වෙනස් කිරීමට පියවර ගෙන තිබේ. මේ වන විට The New York Time පුවත්පත අරඹා වසර 67 ක් ගතව තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් ලෙස The New York Time පුවත්පත තුළ දැඩි අභ්‍යන්තර විනයක් පවත්වාගෙන යනු ලබයි. “ Without fear & favor” (බියකින් හෝ පක්ෂපාතීත්වයකින් තොරව) යන්න The New York Time පුවත්පතේ තේමා ප්‍රධාන පාඨයයි.

The New York Time පුවත්පතේ මාධ්‍යවේදීන් අනුගමනය කළ යුතු ආචාර්ය ධර්ම මොනවාද යන්න ආයතනය විසින් නිකුත් කළ මාර්ගෝපදේශ සංග්‍රහයේ ඉතාමත් පැහැදිලිව දක්වා තිබේ. ඊට අමතරව 1999 දී ප්‍රකාශයට පත් කළ Newsroom integrity ප්‍රකාශය මඟින් ද The New York Time පුවත්පතේ මාධ්‍යවේදීන් කටයුතු කළ යුතු ආකාරය මනාව විස්තර වෙයි. තමන් වාර්තා කරන කරුණුවල සත්‍යතාවය පරීක්ෂා කිරීමේ වැදගත්කම එමඟින් අවධාරණය කර තිබේ. නිර්නාමික මුලාශ්‍රයන් භාවිතයෙන් විශ්වසනීයත්වයෙන් තොර. සත්‍යතාව තහවුරු නොවන කරුණු ඇතුළත් කීරීම, ප්‍රාථමික වෘත්තීය භාවිතයක් බව පැහැදිලිව පෙන්වා දී තිබේ. The New York Time පුවත්පතේ මාධ්‍යවේදීන් ඉහත කරුණු පිළිබඳව නිරන්තර අවධානය යොමු කළ යුතුව ඇත. එහෙයින් The New York Time මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන්ට අත්තනෝමතිකව හෝ සිය කැමැත්තට අනුකූලව හෝ පුවත් වාර්තා කිරීමට, පුවත්පතේ පළ කිරීමට ඇති ඉඩකඩ ඇහිරී තිබෙනු දක්නට ලැබේ.

The New York Time පුවත්පත මුද්‍රිතව මෙන්ම අන්තර්ජාලය හරහා විද්‍යුත් පුවත්පතක් ( E- newspaper) ලෙස ද පළ කෙරේ. මෙනිසාම අමෙරිකාවේ පමණක් නොව ලොව පුරාම විසිරී පැතිරී ගිය පාඨක ප්‍රජාවක් The New York Time පුවත්පතින් දෛනිකව පුවත් හා තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉටු කර ගනිති. පුළුල් පරාසයක විසිරී පැතිරි ගිය පාඨක ප්‍රජාවක් The New York Time පුවත්පතින් දෛනිකව පුවත් හා තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉටු කර ගනිති.

පුළුල් පරාසයක විසිරී පැතිරි ගිය පාඨක ප්‍රජාවක් සිටින හෙයින්ම තමන් පළ කරන ප්‍රවෘත්ති හා තොරතුරු වල විශ්වසනීයත්වය හා විවෘතභාවය සුරක්ෂා කර ගැනීමට The New York Time ආයතනය කටයුතු කරනු ලබයි. විශ්වසනීය මාධ්‍ය මුලාශයක් වු හෙයින්ම ලොව පුරා මිලියන 2.6 කට අධික පිරිසක් The New York Time විද්‍යුත් පුවත්පතේ දායකත්වය ( subscribe) ලබා ගෙන තිබේ.

ව්‍යාපාරික හා ආර්ථික පුවත් ඇතුළත් ලොව ප්‍රමුඛ තම පුවත්පතක් වන Financial Times පුවත්පතේ වෙබ් අඩවිය වන www.ft.com සිය සමීක්ෂණයක් මඟින් පෙන්වා දෙන්නේ දිනෙන් දින The New York Time පුවත්පත සඳහා දායකත්වය ලබා ගන්නා පිරිස දිනෙන් දින ඉහළ යන බවයි. 2012 වර්ෂයේ ජුනි මස The New York Time පුවත්පත විදෙස් භාෂාවකින් නිකුත් කළ පළමු පුවත්පත චීන භාෂාවෙන් නිකුත් කරනු ලැබීය.
1998 වර්ෂයේ දී The New York Time පුවත්පතේ විධායකයන් විසින් නිකුත් කළ උපදෙස් මාලාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මාධ්‍ය ආයතනයක් ලෙස කීර්තිමත් නාමයක් හිමි කරගැනිමට හේතුව වු ප්‍රධානමතම සාධකයයි. පුවත්පත් වාර්තාකරුවන්, ඡායාරූප ශිල්පීන්, සංස්කාරකවරුන් මෙන්ම The New York Time පුවත්පතේ සියළුම සාමාජකයන් පුවත්පතේ අවංකභාවය රුක ගැනීම පිණිස ක්‍රියාකිරීම අත්‍යාවශ්‍ය හා පොදු වගකීමක් බව එම උපදෙස් මාලාවේන් අවධාරණය කර තිබේ. ඒ අනුව එලෙස ක්‍රියා කිරීමට The New York Time පුවත්පතේ නිලධාරීහු බැදි සිටිති.

ආයතනය තුළ පවත්නා දැඩි අභ්‍යන්තර විනය නීතිරීතිවලට අනුකූලව The New York Time ආයතනයේ මාධ්‍යවේදීන්ට තෑගී භාර ගැනීමට, මහජන මුදල් යොදවා නිලධාරීන් හෝ වෙනත් අය සංවිධානය කරන විනෝද චාරිකා යෑම, නොමිලේ නවාතැන් පහසුකම් ලබා ගැනීම ආදිය ද සිදු කළ නොහැක. The New York Time ආයතනයේ මාධ්‍යවේදීන්ට සිය පුවත් වාර්තා කිරීමේ දී හා ප්‍රවෘත්ති, පුවත් විශේෂාංග, තීරු ලිපි ආදිය පුවත්පතේ පළ කිරීමේ දී නිර්නාමික ( Ghost Writers) ලෙස පෙනී සිටීම කිසි ලෙසකත් කළ නොහැකි වේ.

එමෙන්ම වෙනත් පුද්ගලයෙකු සමඟ සම කර්තෘවරයෙක් (co- Author) ලෙස පෙනී සිටීමටද නොහැක. වෙනත් පුද්ගලයෙකුගේ අදහස්, දේශපාලන මත ආදිය සිය නමින් The New York Time පුවත්පතේ පළ කිරීම තහනම් වේ. The New York Time පුවත්පත් ආයතන නීති රීති සංග්‍රහය තුළ මාධ්‍යවේදීන් කෙලෙස සිය වෘත්තීය කටයුතු වල නිරත විය යුතු ද යන්න පැහැදිලිව දක්වා තිබේ.

පුවත්පත් ආයතනයක් ලෙස විකාශනය වීමේ දී The New York Time පුවත්පත ක්‍රමක්‍රමයෙන් විසිරුණු පැතිරුණු ප්‍රජාවක් කරා ළඟා විය. එමෙන්ම විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ ප්‍රවෘත්ති හා තොරතුරු වාර්තා කිරීම සිදු කෙරිණ. මේ බව සැළකිල්ලට ගනිමින් The New York Time පුවත්පත් ආයතනය ද සිය නීති රීති සංග්‍රහය ඊට අනුකූල පරිදි විටින් විට යාවත්කාලීන කිරීමට ක්‍රියා කර තිබේ.


ජාත්‍යන්තර පුවත්පතක් ලෙස සිය යහපත් ස්ථාවරය පවත්වා ගෙන යාම සඳහා The New York Time පුවත්පත් ආයතනයේ නීති රීති මාළාව මේ වන විට පස් වතාවක් සංස්කරණය කර තිබේ. යම් ලෙසකින් යම් පුද්ගලයෙකු පිළිබඳ අසත්‍ය ප්‍රවෘත්තියක් The New York Time පුවත්පතෙහි පළ වු විට එම පුද්ගලයා ක්‍රියාකළ යුතු ආකාරය ද එම නීති රීති සංග්‍රහයේ ඇතුළත් වේ.

The New York Time පුවත්පතේ පවතින නීති රීති සංග්‍රහය ඉතාමත් බලවත් වේ. මේ නිසා ලොව පුරා මාධ්‍ය ආයතන එය වැදගත් නීති සංග්‍රහයක් බව පිළිගෙන තිබේ. මෙහි මාර්ගගත වෙළුමක් ( Online Version) අන්තර්ජාලයේ පළ කර තිබේ. මෙය බාගත (Download) කළ නොහැකි නමුත් 2015 සැප්තැම්බර් මස සිට එහි epub අනුවාදය (electronic) මහජනතාවට මිල දී ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
ගවේෂණාත්මක පුවත් වාර්තා කිරීම් අතින් ද The New York Time ආයතනය ඉතා ඉහළ මට්ටමක පවතින මාධ්‍ය ආයතනයකි. ගුණාත්මක හා සදාචාරාත්මක මාධ්‍ය කලාවක නියැලීම හේතුවෙන් The New York Time පුවත්පත සම්මාන රුසකින් පිදුම් ලැබු මාධ්‍ය ආයතනයකි.

Pulitzer Prizes, SABEW Best in Business, Peabody Awards, National Magazine Awards, Gerald Loeb Award, Online Journalism Awards, Worth Bingham Prize, Meyer Berger Awards, Maria Moors Cabot Prize, George Polk Awards, Mirror Awards, Alfred I. duPont Awards, Sigma Delta Chi Award, The Hillman Prize, Livingston Awards, Elmer Ferguson Memorial Award, Science in Society Journalism Awards,The Sidney Award යන සම්මාන දිනා ගන්නට The New York Time ආයතනය සමත්ව තිබේ.

1918 සිට මේ දක්වා The New York Time පුවත්පත පුලිස්ටර් සම්මාන පමණක් 125 ක් දිනාගෙන තිබේ. විවිධ පුවත් වර්ගීකරණයන්ට අදාළව එම සම්මාන The New York Time ආයතනය වෙනුවෙන් හිමිකර ගන්නට තරම් එහි මාධ්‍යවේදීහු සමත්කම් දැක්වුහ.


1918 වසරේ දී පළමු ලෝක යුද්ධය සම්පුර්ණයෙන්ම හා නිරවද්‍ය අයුරින් වාර්තා කිරීම වෙනුවෙන් ලැබු පුලිස්ටර් සම්මානය ඒ අතරින් ප්‍රධාන වන අතර එය The New York Time පුවත්පත ලද පළමු පුලිස්ටර් සම්මානය ලෙස ද ඉතිහාස ගතව තිබේ. දිනපතා The New York Time පුවත්පත කියවන පිරිස මිලියන 9.32 ක් පමණ වේ. The New York Time 2016 වර්ෂයේ දි නිකුත් කළ WAN- IFRS World Press Trend වාර්තාව අනුව ලොව පුවත්පත් ශ්‍රේණිගත කිරීම් වල 17 වන ස්ථානයේ පසුවේ.

ජාත්‍යන්තර මාධ්‍ය හා පුවත්පත් ආයතන පිළිබඳ තොරතුරු සපයන වෙබ් අඩවියක් වන www.4imn.com වෙබ් අඩවියේ ලොව පුවත්පත් වෙබ් අඩවි අතුරින් හොඳම වෙබ් අඩවි 200 නම් කර තිබේ. ඒ අතරින් ලොව හොඳම පුවත්පත් වෙබ් අඩවිය ලෙස වාර්තා කර ඇත්තේ ද The New York Time වෙබ් අඩවියයි.  (නදීරා අමරසිංහ)

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...