නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අද සිට.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද සිට ලබන 9 වැනිදා දක්වා බෙදා හැරීම සිදු වෙයි. . ලබන මස 3 වැනිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා දීමේ විශේෂ දිනයක් ලෙස නම්කර ඇත. එබැවින් එදින එම පත්‍රිකා භාර ගැනීම සදහා නිවෙස්වල රැඳි සිටින්නැයි තැපැල් දෙපාර්තමේන්තුව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි. ලබන 9 වැනිදා වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත් තමන්ට ලිපි බෙදීම් සිදු කරන තැපැල් කාර්යාලයෙන් විමසා බැලිය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.