පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම සාක්ෂි ලබා ගැනීම අරඹයි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරිීමට සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සාක්ෂි ලබා ගැනීම අරඹයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි එම කොමිෂන් සභා කාර්යාලයේදී අද පස්වරු 2.00 ට එම සාක්ෂි විමසීම ආරම්භ කෙරේ. එය මහජනතාවට ද විවෘත බව කොමිසමේ සභාපති එච් එම් බී පී හේරත් මහතා කියයි.