කොළඹ – බදුල්ල නගරාන්තර සීඝ්රගාමි දුම්රියක්
උඩරට දුම්රිය මාර්ගයේ පවතින අධික මගී ඉල්ලුම සැලකිල්ලට ගෙන දුම්රිය දෙපාර්තමේන්තුව හෙට සිට කොළඹ හා බදුල්ල අතර තවත් නගරාන්තර සීඝ්රගාමි දුම්රියක් ධාවනයට එක් කරයි. දෙනුවර මැණිකේ ලෙස එම දුම්රිය නම්කර තිබේ. උදෑසන 7.00 ට කොළඹ කොටුවෙන් පිටත්වන එම සීඝ්රගාමි දුම්රිය පස්වරු 3.27 ට බදුල්ලට ලගා වෙයි. උදැසන 7.20 ට බදුල්ලෙන් ගමන් ආරම්භ කරන එම දුම්රිය පස්වරු 4.03 ට කොළඹ කොටුවට ලගා වෙයි. මෙම අතිනවීන බලවේග දුම්රිය වායුසමනය කළ පලමුවැනි පන්තියේ මැදිරි දෙකකින්. දෙවන පන්තියේ මැදිරි දෙකකින් ද. තුන්වන පන්තියේ මැදිරි තුනකින් ද මෙය සමන්විතයි. මෙහි සියලු ආසන කලින් වෙන්කරගත හැකිය. මෙම දුම්රියේ සියලු මැදිරි සදහා මහජන ඇමතුම් පද්ධතියක් ස්ථාපිත කර තිබේ. පලමු පන්තියේ වායුසමනය කළ මැදිරි රුපවාහිනි හා ජංගම දුරකථන ආරෝපන පහසුකම්වලින් ද සමන්විත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.