ආපදා තත්ත්ව වලදී මහජන ආරක්‍ෂාව සහ සුබසාධනය තහවුරු කිරීමට ජනාධිපතිතුමාගෙන් උපදෙස්

Share Button

ප්‍රදේශ ගණනාවකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1480 ක පුද්ගලයන් පන්දහස් 415 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පවුල් 150 ක පුද්ගලයන් 619 දෙනෙකු මේ වනවිට ආරක්‍ෂිත ස්ථාන 8ක රදවා ඇතැයි එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. ඔවුන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. නිවාස හානි වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 25 ක උපරිමයක් දක්වා වන්දි මුදල් පිරිනැමේ. රාජාංගනය. තබ්බෝව. අංගමුව. දැදුරුඔය. ඉගිනිමිටිය. උඩවලව. ඉබ්බන්කටුව. නාච්චියාදුව. යන ජලාශවල වාන්දොරටු විවෘත කර ඇත. රත්නපුර. බදුල්ල. නුවරඑළිය. කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක සදහා නායයෑම් නිවේදන තවමත් වලංගුවෙයි. කදුකර ප්‍රදේශවල නායයැම් ලක්‍ෂණ සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නැයි කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර ආපදා තත්ත්ව වලදී මහජනතාවගේ ආරක්‍ෂාව සහ සුබසාධනය සදහා ගතයුතු සියඵ ක්‍රියාමාර්ග ගැනීමට නොපමාව කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා රාජ්‍ය නිලධාරීින්ට උපදෙස් දී ඇත. අවදානම් තත්වවලට මුහුණදීම සදහා ආරක්‍ෂක අමාත්‍යංශය සහ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමටද උපදෙස් සපයා තිබේ. ඒ ඔස්සේ ආපදා අවම කිරීමට. කඩිනම් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය වාතාවරණය ඇති කිරීමට සහ මහජන සුබසාධනය සදහා අවශ්‍ය ක්‍ෂණික පියවර ගැනීමට චක්‍රලේඛ මගින් උපදෙස් නිකුත් කර ඇත. මෙම සියඵ කටයුතු සම්බන්ධීකරණය සහ සමාලෝචනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ මුලිකත්වෙයන් සිදුකෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...