සිය මැතිවරණ ප්රකාශනයේ රාජ්‍ය දෙකක විසදුම ශ්‍රී ලංකාවට අදාළ නොවන බව බ්‍රිතාන්‍යයේ කොන්සර්වටිව් පක්ෂය තහවුරු කරයි
බ්‍රිතාන්‍යයේ කොන්සර්වටිව් පක්ෂය සිය මැතිවරණ ප්රකාශනයෙන් රාජ්‍ය දෙකක විසදුමකට තම සහාය පල කරන බවට පල වු වාර්තාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදාළ නොවන බව එම පක්ෂයේ නියෝජ්‍ය සභාපති පෝල් ස්කවුලි මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය දෙකක විසදුම අදාළ වන්නේ මැද පෙරදිගට පමණක් බව ඔහු ඊයේ නිකුත් කළ ට්විටර් පණිවුඩයක සදහන් වන බව විදේශ සම්බන්ධතා අමාත්‍යංශය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාව. සයිප්‍රසය. සම්බන්ධයෙන් එය අදාළ නොවන බව බ්‍රිතාන්‍යයේ පරිසර. ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් තෙරේසා විලියර්ස් මහත්මියද සනාථ කොට තිබේ. මෙම මැතිවරණ ප්‍රකාශයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැති තත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඊයේ ප්‍රකාශයක් කොට තිබුණි. ඒ පිළිබඳව පැහැදිලි කරන ශ්‍රී ලංකා විදේශ සම්බන්ධතා අමාත්‍යංශය කොන්සර්වටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රකාශය ප්‍රසිද්ධ කිරීමෙන් පසුව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය අමාත්‍යංශයේ උපදෙස් ඇතිව කොන්සර්වටිව් පක්ෂයේ සම සභාපතිවරුන් වෙත මේ සම්බන්ධයෙන් දැඩිව කරුණු දක්වා ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහි අඩංගු විකෘති තත්වය ඇය එහිදී පෙන්වා දී ඇත. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනිෂා ගුණසේකර මහත්මිය ඒ බව ලිපියකින් සම සභාපති ජේම්ස් ක්රෙව්ලි මහතා වෙත ඉදිරිපත්කොට ඇත. පක්ෂයේ මැතිවරණ ප්රකාශනයේ සදහන් තිබු ශ්‍රී ලංකාව රාජ්‍ය දෙකක විසදුමක් අවශ්‍ය රටක් ලෙස කළ සදහන පිළීගත නොහැකි බව මහකොමසාරිස්වරිය දැනුම් දුන්නාය. එය මෙතෙක් බ්‍රිතාන්‍යයේ කිසිදු දේශපාලන පක්ෂයක් දැරු ස්ථාවරයද නොවන බව ඇය පැහැදිලි කළාය. බ්‍රිතාන්‍යයේ සෑම දේශපාලන පක්ෂයක්ම එක්සත් ශ්‍රී ලංකාවත් තුළ සාමය හා සංහිදියාව සම්බන්ධයෙන් සහාය පලකොට තිබුණි. ඒ නිසා ඇය මෙසේ කරුණු ඉදිරිපත් කිරිීමෙන් පසුව පක්ෂයේ නියෝජ්‍ය උපසභාපති පෝල් ස්කවුලි මහතා ඉහත කී නිවේදනය නිකුත් කොට ඇති බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි. එමගින් කොන්සර්වටිව් පක්ෂයේ ස්ථාවරය සහ එය නිවැරදි කිරීමට විදේශ සබඳතා අමාත්‍යංශය සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ගත් ක්‍රියාමාර්ග පැහැදිලි වන බවද අමාත්‍යංශය කියයි.