යුධ හමුදාපතිගේ ධූර කාලය වසරකින් දීර්ඝ කෙරේ
යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධූර කාලය වසරකින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත. ලබන අගෝස්තු මස 19 වනදා ඒ මහතාගේ ධූර කාලය අවසන්වීමට නියමිතව තිබුණි. 2017 ජුනි මස 4 වෙනිදා යුධ හමුදාපතිවරයා ලෙස පත් වූ මහේෂ් සේනානායක මහතා ඊට පෙර යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙසද කටයුතු කළා.