හැදෙන රටක වැඩෙන ගසක් ජාතික රුක්රෝපණ වැඩසටහන අදින් ඇරඹේ
හැදෙන රටට වැඩෙන ගසක් ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික මහමෙව්නා උයනේදී අද පෙරවරු 9.49 ට පැවැත්වේ. ඊට සමගාමීව දිවයිනපුරා මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ. අද සිට සතියක් ජාතික රුක්රෝපණ සතිය වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.