ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීමේ යෝජනාවක් ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට

Share Button

පාර්ලිමේන්තුව මගින් අනුමත කරන ලබන රාජ්‍ය ප්‍රතිපත්ති  අයවැය මගින් වෙනුකරනු ලබන මුදලින් ක්‍රියාත්මක ව්‍යාපෘති හා දෙස් විදෙස් ආයෝජනවලින් සිදුකෙරෙන සංවර්ධන කටයුතු ඇගයීම සහ නියාමනය සදහා ස්වාධීන කොමිසන් සභාවක් පත්කිරීමේ යෝජනාවක් ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ  ඒ සදහා නව පනතක් ගෙනඒමටද යෝජනා වී ඇත  ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව සහතික කිරීම පිණිස අධ්‍යනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ පස්වරුවේ රැස්වු අවස්ථාවේ මෙම තීරණයට එළඹ ඇත ඕනෑම ආයතනයකින් අදාළ විස්තර ලබාගෙන ඇගයීමට ලක්කිරීම සදහා යෝජිත පනත මගින් කොමිසන් සභාවට බලය හිමිවිය යුතු බවද කාරක සභාවේදී යෝජනා ඉදිරිපත්වී තිබේ  මෙම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අතර මෙම අවස්ථාවට කමිටි සාමාජිකයෝ කිහිප දෙනෙක්ද එක්වී සිටියහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...