ජාත්‍යන්තර ගුවන් යානා මත්තලට ගෙන්වා ගැනීමට කෙටි සහ දිගුකාලීන සැලසුම්

Share Button

ජාත්‍යන්තර ගුවන් යානා පැමිණෙන ස්ථානයක් බවට මත්තල ගුවන් තොටුපල පත් කිරීම සදහා කෙටි කාලීන සහ දීර්ඝකාලීන සැලසුම් සකස් කෙරේ. ඊට සහාය ලබා ගැනීම සදහා මෙරට සියලු ගුවන් සමාගම් සහ ඊට අදාල පාර්ශ්ව සමග සාකච්ඡාවක් නුදුරේ දී මත්තල දී පවත්වන බව ශ්‍රීි ලංකා ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා පැවසීය. ජාත්‍යන්තර ගුවන් සමාගම් සමගද මේ පිළිබද සාකච්ඡා කරන බව ඔහු සදහන් කළේය. පසුගිය වසර හතරහමාර තුළ මෙම ගුවන් තොටුපලට අඩු අවධානයක් යොමු වු බව ඔහු පෙන්වා දෙයි. එබැවින් ජනාධිපතිතුමාගේ සහ ගුවන් සේවා අමාත්‍යවරයාගේ මගපෙන්විම යටතේ ගුවන් තොටුපල වැඩිදියුණු කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
මේ අතර කොරෝනා වයිරසය රට තුළට පැමිණීම වලක්වා ගැනීම සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙල ඉදිරියේදීද සාර්ථකව පවත්වාගෙන යන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *