ඉන්දියාව හමුවේ එක්දින තරගාවලියේ ජය නවසිලන්තයට

Share Button

ඉන්දියාවත් නවසිලන්තයත් අතර අද පැවති තුන්වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් නවසිලන්තයට කඩුඵ 05 ක ජයක් හිමි විය  තරගයේ ජයග්‍රහණය සදහා නවසිලන්ත පිලට ලකුණු 297 ක ඉලක්කයක් එල්ලවී තිබුනි  ඕවර 47 යි පන්දුවකදී කඩුඵ 05 කට ලකුණු 300 ක් රැස් කරමින් නවසිලන්තය තරගය ජය ගත්තේය  06 වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි කොලන් ඩි ග්‍රුම්හෝම් පන්දු 28 කදී නොදැවී වේගවත් ලකුණු 58 ක් රැස් කළේය  ඊට හයේ පහර තුනක් සහ හතරේ පහර 06 ක් ඇතුලත් විය  මීට අමතරව මාටින් ගප්තිල් වේගවත් ලකුණු 66 ක් ද  හෙන්රි නිකලස් ලකුණු 80 ක්ද රැස් කළහ මේ අනුව එක්දින තරගාවලිය තුනට බිංදුවක් ලෙස ජය ගැනීමට නවසිලන්තය සමත් විය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...