කළුතර ලවන මිශ්‍ර ජලය පානය කරන ජනතාවට කඩිනමින් විසදුම් ලැබෙන ලකුණු
අලුත්ගම අගලවත්ත මතුගම ඒකාබද්ධ ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිීර මහතා අද බලධාරින්ට උපදෙස් දුන්නේය කඵතර කෙත්හේන ජල පවිත්‍රාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසීය මේ දිනවල කඵඟගට ලවන ජලය මිශ්‍රවීම නිසා ප්‍රදේශ රැසක ජනතාව විශාල පිඩාවකට පත්ව සිටිති මීට විකල්ප ලෙස ආරම්භ කර ඇති ජල ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට නියමිතව ඇත්තේ මේ වසරේ දෙසැම්බර් මාසයේදීය ඉන්දිය රජයේ ආධාර මත ඊට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 32 කි ලවන මිශ්‍ර ජලය පාවිච්චි කරන ජනතාවගෙන් ජල ගාස්තු අය නොකරන ලෙසද ඔහු බලධාරින්ට දැනුම් දුන්නේය මේ පිළිබඳව ජනාධිපතිතුමා අගමැතිවරයා මෙන්ම විෂයභාර ඇමතිවරයා දැනුවත් කරන බව ජයන්ත සමරවීර මහතා කීවේය