එක්සත් ජාතික පක්ෂයේ සෑම මට්ටමකම මතුවී ඇති බෙදීම නිසා එම පක්ෂයට අනාගතයක් නැතැයි රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියයි

Share Button

එක්සත් ජාතික පක්ෂයේ සෑම මට්ටමක් අතරම බෙදීමක් ඇතිවී තිබෙන බැවින් එම පක්ෂයට දැන් අනාගතයක් නැතැයි රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කිීවේය. එම සියලු දෙනාම පාක්ෂිකයන් නොමග යවමින් සිටින බව ඔහු පෙන්වා දුන්නේය. ඉදිරියේදී ශක්තිමත් රජයක් නිර්මාණය කිරීමට වත්මන් රජයට ජනතාවගේ සහාය අවශ්‍ය බව ඔහු කියයි.

දේශිය ව්‍යවසායකයින් වශයෙන් රටේ සංවර්ධනයට දායකවු කොන්ත්‍රාත් ව්‍යාපාර කඩා වැටුනහොත් එය රටේ ආර්ථිකයට බලපෑමක් සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. මේ වනවිට ඔවුන් මුහුණදී ඇති තත්ත්වයට එක්සත් ජාතික පක්ෂය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වගකිව යුතු යැයි අබේගුණවර්ධන මහතා අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කිීවේය. දේශපාලන පක්ෂ භේදයකින් තොරව වත්මන් රජය ගැටඵවලට විසදුම් ලබාදෙන බව ඔහු කියයි. පවතින තත්ත්වය හමුවේ ඉදිරි මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයට අන්ත පරාජයක් අත්වන බවද ඔහු අනාවැකි පළ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙඵම් මාවතේ නව මාධ්‍ය මධ්‍යස්ථානය ද අද පෙරවරුවේ විවෘත කෙරුනි. පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුනි.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...