අද පැවති අයි සී සී ලෝක ශූරතා විස්සයි විස්සේ කාන්තා ක්‍රිකට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට
අයි සී සී ලෝක ශූරතා පන්දුවාර විස්සයි විස්සේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිඩ්නි හි අද පැවති තරගය පකිස්ථාන කාන්තා කන්ඩායම පරදවා ලකුණු 17 කින් ජය ගැනිමට දකුණු අප්‍රිකාව සමත් විය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඕවර 20් අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 136 ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙස පකිස්තාන කාන්තා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ඕවර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 119 ක් පමණි.