එක්සත් ජාතික පක්ෂය බෙදා වෙන් කිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ නොදෙන බව පක්ෂ මහලේකම්වරයා කියයි
එක්සත් ජාතික පක්ෂය බෙදා වෙන් කිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ නොදෙන බව පක්ෂ මහලේකම අකිල විරාජ් කාරියවසම් මහතා කියයි. සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ පක්ෂයේ ඉතා සුඵ කණ්ඩායමක් පක්ෂය බෙදා වෙන්කිරීමේ කුමන්ත්රණයක නිරත වන බවයි. කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමේදී අලියා ලකුණෙන් තරග කිරීමට බහුතර එකගතාව පලවිය. 8 දෙනෙකු පමණක් දුරකථනය ලකුණින් තරග කිරීමට සුදානම් වුවද ඊට එකගතාව පල නොවු බව මහලේකම්වරයා කියයි.