විදේශ රැකියා සදහා යන ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම්දීමක්

Share Button

විදේශ රැකියා සදහා යන ශ්‍රී ලාංකිකයන්ට අදාල රැකියා සදහා පිටත්වීම තාවකාලිකව කල්දමන්නැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම් දෙයි. වෛරසය ව්‍යාප්තවු රටවල දැනට සේවයේ නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස එම රටවල තානාපති කාර්යාලවලට දැනුම්දී ඇත. ලෝකයේ රටවල් 115 කට වැඩි සංඛ්‍යාවකට කොරෝනා පැතිර තිබේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් ලබා ගැනීම සදහා රටවල් රැසක තානාපති කාර්යාල විශේෂ දුරකථන අංක හදුන්වාදී තිබේ. මීට අමතරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 ඇමතීමෙන් උපදෙස් ලබාගත හැකිය. විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් හා විදේශ ගතවීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන් පිළිබඳ ඉදිරි තීරණ ගනු ලබන්නේ ඒ ඒ රටවල බලධාරින් ලබාදෙන උපදෙස්වලට අනුවය. සෞඛ්‍ය අංශවල උපදෙස් ද මෙහිදී දැඩි ලෙස විමසා බැලේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.