මහනුවර ශ්රීි දළදා මාලිගා පරිශ්රයේ විශේෂ සෞඛ්යාරක්ෂණ වැඩපිළිවෙලක්
මහනුවර ශ්රීි දළදා මාලිගා පරිශ්රයේ විශේෂ සෞඛ්යරක්ෂණ වැඩපිළිවෙලක් ක්රියාවට නැංවේ ඒ අනුව දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ හා බැතිමතුන්ගේ මුහුණු හා දෑත් විෂබීජහරණයට විධිවිධාන යොදා තිබේ ඊට අමතරව දළදා මාලිගාව තුලදී එම සියලු දෙනා දේශීය ඖෂධ භාවිතයෙන් පිරිසිදු කිරීමටද කටයුතු යොදා ඇතැයි දළදා මාලිගාවේ මහලේකම් සී ඩබ්ලිව් කරුණාරත්න මහතා ගුවන් විදුලියට පැවසීය එසේම දළදා මාලිගා පරිශ්රය විශේෂ ආයුර්වේද ඖෂධ යොදා ධුමායනය කිරීමට ද කටයුතු යොදා තිබේ ලබන 17 වැනිදා සිට 24 වැනිදා දක්වා ශ්රී දළදා මාලිගාවේ මගුල් මඩුවේදී රතන සුත්රය සජ්ජායනා කිරීමට ද පියවර ගෙන ඇත