බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්

ඖෂධ බිල්පත් පියවිමට රුපියල් බිලියන 10 ක්

Share Button

මහා භාන්ඩාගාරය මගින් හිග ඖෂධ බිල්පත් පියවිම සදහා රුපියල් බිලියන 10 ක මුදලක් මුදා හැර තිබේ . එමගින් රටතුළ ඖෂධ හිගයක් ඇති නොවිමටත් අදාල ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ඖෂධ මිලදි ගැනිම සදහා ක්‍රියාමාර්ග ගැනිමටත් ඉඩ සැලසේ. එමෙන්ම පොහොර. ප්‍රසම්පාදන බිල්පත් නිරවුල් කිරිම සදහා රුපියල් බිලියන 03 ක මුදලක් මුදා හැර ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ඉදිකිරිම් කොන්තාත්කරුවන්ගේ බිල්පත් නිරාකරණය කිරිම සදහා රුපියල් බිලියන 05 ක මුදලක් ලබා දී ඇත.

වසර දෙකක් පුරා ගෙවා නොමැති ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වලට අදාල පොලි සදහා රුපියල් බිලියන 46 ක් වෙන් කර තිබේ   ඉකුත් රජය සමයේ මෙම පොලි ගෙවන ලෙස බැංකුවට නියෝග කළද රජයේ මූල්‍ය කළමනාකරණයේ වැරදි නිසා වසර දෙකක් මහා භාණ්ඩාගාරය අදාල මුදල් බැංකු වලට ගෙවා නොමැත. එය නිවැරදි කිරිම මෙමගින් සිදු කෙරේ. ඊට අමතරව මැතිවරණය සදහා රුපියල් බිලියන 08 ක ප්‍රතිපාදන ලබාදි තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...