ඇදිරි නිතිය ඉවත් කිරිමෙන් පසු සංයමයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටි
ඇදිරි නිතිය ඉවත් කිරිමෙන් පසු ඉතා සංයමයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවගෙන් ඉල්ලිමක් කරයි සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මගින් නිකුත් කර ඇති උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතුය රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් ඇති වීම වැලැක්විම සදහා සියලු විධිවිධාන යොදා තිබෙ අනවශ්‍ය ලෙස මහජනයා ගැවසෙන ස්ථාන වලට යමින් භාණ්ඩ මිලදි ගැනිමට කටයුතු නොකළ යුතුය සෑමවිටම මුව ආවරණ පැළදීමත් වැඩි වාර ගණනක් සබන් හෝ විෂබීජ නාශක දියර යොදා දෑත් සේදීමත් සිදුකළ යුතුය තමා තුළ ස්වයං විනයක් ඇති කර ගනිමින් සෑම සේවාවක් ලබාගැනිමේදිම පුද්ගලයන් දෙදෙනෙකු අතර සැලකිය යුතු දුරක් පවත්වා ගන්නා ලෙසද ජනාධිපතිතුමා ජනතාවගෙන් විශේෂ ඉල්ලිමක් කරයි අතීතයේ සිට රටක් ලෙස අප මුහුණ දුන් සියලු බාධක සහ අභියෝග ජයගත්තේ එකමුතුකමින් බව සිය නිල ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි