ලෝක කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 30 දහස ඉක්මවයි

Share Button

ලෝකයේ කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 30 දහස ඉක්මවයි. මුඵ මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 30 දහස් 887 ක් ලෙසිනි. මුඵ කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව හයලක්ෂ 64 දහස් 192 කි. සුවය ලැබු සංඛ්‍යාව සටහන් වන්නේ එක්ලක්ෂ 42 දහස් 364 ක් ලෙසිනි. පසුගිය පැය විසිහතරේදී ඉතාලියේ මෙන්ම ස්පාඤ්ඤයේද මියගිය සංඛ්‍යාව 800 ඉක්මවා තිබින. වැඩම මරණ සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වන්නේ ඉතාලියෙනි. එම සංඛ්‍යාව 10 දහස් 23 කි. එරට රෝගය ආසාදනයවී ඇති පුද්ගලයින් ගණන් 92 දහස් 473 කි. ස්පාඤ්ඤයේ මුඵ මරණ සංඛ්‍යාව 5982 කි. පුද්ගලයෝ 73 දහස් 235 දෙනෙක් එරට රෝගයට ගොදුරුවී සිටිති. චීනයේ මුඵ මරණ සංඛ්‍යාව 3300 ක් ලෙස සටහන් වෙයි. පසුගිය පැය 24 තුළ චීනයෙන් මරණ 05 ක් වාර්තාවීම විශේෂත්වයයි. චීනය තුළ වෛරසය ආසාදනයවීමේ දෙවැනි රැල්ලක් මතුවී තිබේ. ඇමෙරිකාවෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන අතර ගතවු පැය 24 තුළ පමණක් ඇමෙරිකාවේ වෛරසය ආසාදනයවු සංඛ්‍යාව 196 කි. ඇමෙරිකාවේ මුඵ ආසාදිතයින් ගණන එක්ලක්ෂ 23 දහස් 774 ක් ලෙස සටහන් වෙයි. ගතවු පැය 24 තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඔස්ට්‍රෙිලියාවෙනි. එම සංඛ්‍යාව 334 කි. තායිලන්තයෙන් ද පසුගිය පැය 24 තුළ පමණක් ආසාදිතයින් 143 දෙනෙක් වාර්තා වෙයි. පසුගිය ැපය 24 තුළ මෙක්සිකෝවෙන් වාර්තාවන ආසාදිතයින් ගණන 131 කි. එරටින් මරණ 04 ක්ද පසුගිය පැය 24 තුළදී වාර්තා විය. දකුණු කොරියාවෙන් ඊයේ දිනයේදී නව ආසාදිතයින් 105 දෙනෙකු හදුනාගෙන ඇත. ගතවු පැය 24 දී දකුණු කොරියාවෙන් මරණ 08 ක් වාර්තා වෙයි. මේ අතරඩ්€ ඉන්දියාව මේ වනවිට පුද්ගලයින් 40 දහසක් නිරෝධායනය සදහා යොමුකර ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි. ඉන්දියාවේ වැඩි වශයෙන් රෝගය ව්‍යාප්තවි ඇති ගම්මාන 20 ක් හදුණාගෙන තිබේ. එම ගම්මාන 20 ජනතාවට බාහිර ප්‍රදේශවලට ඇතුඵවීමට ඉඩ ලබා නොදෙන බව ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...