කොරෝනා මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස්වේ

Share Button

විවිධ රෝග සදහා රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සහ බාහිර රෝග සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් පිළීබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදාළ බලධාරීන්ට දැණුම් දෙයි. ඇය මේ බව අවධාරණය කළේ කොරෝනා මර්දනය සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිට වු ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද රැස්වු අවස්ථාවේදීය. පී. සී. ආර්. පරීක්‍ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවිය. විශ්ව විද්‍යාල සතුව ඇති ප. සී. ආර්. යන්ත්‍ර 47 ක් සහ පෞද්ගලික අංශයේ ඇති ප. සී. ආර්. යන්ත්‍ර 15 ක්ද කොරෝනා පරීක්‍ෂණ සදහා යොදා ගැනීම පිළිබඳවද සාකච්ඡා වී තිබේ. මෙම සමාලෝචන කමිටුව සාමාජිකයන් 35 දෙනෙකුගෙන් සමන්විතයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගී ගුවන් ගමන් තාවකාලිවක අත්හිටුවීම මැයි 15 වැනිදා දක්වා දීර්ග කර තිබේ. රජයට සහායවීමක් ලෙස අත්‍යවශ්‍ය ඖෂධ. වෛද්‍ය උපකරණ. සහ අත්‍යවශ්‍ය සේවා සැපයේ. ගුවන් භාණ්ඩ ප්‍රවාහනයද අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. විශේෂ මගී ගුවන් ගමන් පවත්වාගෙන යන බවද එම ගුවන් සේවය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...