මෙවර නිවස මුලික කරගත් වෙසක් උත්සව
මෙවර වෙසක් උත්සවය සැමරීමේදී සෞඛ්‍ය ආරක්‍ෂක ක්‍රම අනුගමනය කරමින් හැකිතාක් නිවස මුලික කරගත් ආමිස සහ ප්‍රතිපත්ති පුජාවල නිරතවන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටී. එම අමාත්‍යංශයේ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය කියා සිටියේ කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීමට පුද්ගල දුරස්ථබව පවත්වා ගැනීම වැදගත් බවයි. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් පිරිත් හා ධර්ම දේශනා වැඩසටහන් සංවිධාන කිරීම සුදුසුය.