කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රි 900 සිට ජල සැපයුම අත්හිටුවේ
අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රි 900 සිට හෙට පෙරවරු 600 දක්වා පැය 09 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව බේස්ලයින් මාර්ගයේ කැළණි පාලම හන්දියේ සිට දෙමටගොඩ හන්දිය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියඵ අතුරු මාර්ග. හෙට්ටිවිදිය සහ සියඵ අතුරු මාර්ග. කොළඹ 13. 14. සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ. මීට අමතරව පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සපයනු ඇත.