රාජිත සේනාරත්න මහතා මැයි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Share Button

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද භාරවු හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් ඉදිරිපත් කල බව පොලිස් මුලස්ථානය පවසයි. එලෙස ඉදිරිපත් කල රාජිත සේනාරත්න මහතාව මේ මස 27 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කලා. අධිකරණ නියෝගයකට අනුව හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අද පස්වරුවේ ඔහුගේ බත්තරමුල්ලේ නිවස වෙත ගොස් තිබේ. රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළේ ඔහු ඇප මත මුදා හරිමින් එම අධිකරණය මීට පෙර ලබා දුන් නියෝගය අවලංගු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කිරීමෙන් පසුවයි. ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර ලබා දුන් නියෝගය දෝෂ සහිත බැවින් සේනාරත්න මහතා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනසුරුවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියට නියෝග කළේය. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් ජනාධිපතිවරණය සමයේ පැවැත්වු සුදුවෑන් මාධ්‍ය හමුවකට අදාලව සේනාරත්න මහතා අත්අඩංගවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර වරෙන්තු ලබා ගෙන තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...