කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට රජයේ සහල් බෙදා හැරීම අදත්
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අවශ්‍ය සහල් හිගයකින් තොරව සැපයීමට කටයුතු යොදා ඇතැයි අභ්‍යන්තර වෙලද ආහාර සුරක්ෂිතතාවය සහ පාරිබෝගික සුභසාධන අමාත්‍යාංශය පවසයි අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය පවසන්නේ ව්‍යාජ සහල් හිගයක් මවා පාමින් වැඩි මිලට සහල් අලෙවි කරන පාර්ශවයන් සොයා මෙහෙයුම් අද දිනයේදීත් ක්‍රියාත්මක බවයි කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට රජයේ මූලිකත්වයෙන් සහල් බෙදා හැරීම ඊයේ ආරම්භ විය . අද දිනයේදීත් බෙදා හැරීමේ කටයුතු සිදුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් උපරිම සිල්ලර මිලට යටත් නොවී සහල් අලෙවි කිරීම හේතුවෙන් සිල්ලර වෙලදුන් සහ පාරිබෝගික ජනතාව අපහසුතාවයට පත්ව සිටිති මෙම මෝල් හිමියන්ට විරුද්ධව ඉදිරියේදී නිතිමය පියවර ගැනේ අද දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට රජයේ මැදිහත්වීමෙන් සහල් බෙදා හරින බව අමාත්‍යාංශ ලේකම්වරිය පවසයි